මිරිගුවක් තුල පහස ලබනට
උඩගුවක් වී මුව දෙනක්
සුවහසක් දම් බිද දමා
බැදී ආසා රාගයෙන්
මවා අරුතක් පා මවන්නට
මුලා වරදට දැන දැනත්
දෙමින් විග්‍රහ ලොවට පාමින්
මා මහා බර පින් කෙතක්
ඇදින දැන ඈ චපල ආරය
යොමන්නට නිසි මග විටක්
අරුත් පිරි ඉගි ඔවදනක් දී
විය මහා වියසනාවක්
පින්න ඇත්තේ තණ අගේ තුරු
අව්ව වැටෙනා ඉහපතේ
රාගයේ නැත සෙනෙහසේ ඇති
පවිත්‍රත්වය මිතුරියේ
චරක දනන්සූරිය
No comments:
Post a Comment