සරා සස් ගැබ පුරා
විසා දස දෙස සිලක්
දුලා තරු රැස කොයිද
පලිඟු මිනි කැනිමඩක් වූ
දුරු වලාවන් විත්
අරා පුර රුවන් නුබ කුස
සොමි යෙහෙන් බිඳ යදම්
පුල් විපුල් මානෙල් මලක් මෙන්
හමා මද නල
මුසුව සුසුමන්
විත් අරා සිත් පිරූ මදු මත්
තැත් කරා නිත් සිහින මඬලේ
සිහි
කරන්නට සෳම්‍යා
සිත් ඇලු කෙලිලොල් සුරැපී
පිරූ මදහස කෝල කම් මැද
සොයාන නුඹ නෙතු කොහේදෝ
සොදුරු මංගල සාදයේ
චරක දනන්සූරිය
No comments:
Post a Comment