Tuesday, October 1, 2013

පිස්සුව


දෙතොලඟ  මදහස නිතර
සුරැඳි නුඹ රුව සැබෑ මනහර
අතර පියකර ලදුන් සමහර
වෙනස කිම නුඹ සිතට කරදර

ඇත නෙක රූ බර ලදුන් මෙතරම්
සිතේ නුඹ නම් මිණි රුවක් වන්
බලත් කොල්ලන් නුඹ රුවින් මන්
මත් වෙලා මෙන් බිඟුන් මුවරන්

කුමරි නුඹ දැක මත් වුනේ මන්
නොවේ නුරාවට ලොල් බැදන්
සරල ගති දැක මානයෙන් තොර
කුලුණු සිත් ඇති හැඩකාරම් දැක

කුලුණු කෙලිලොල් හැඩකාරකම් මැද
සරල ගති ඇති බව නම් දැනන්
නමින් ලක්නා වතින් ලංකව
නූඹට මට හිමි වන්ට ඇත්නම්