Tuesday, February 24, 2015

ප්‍රිය ප්‍රිය මටම ප්‍රිය


විවාහය කියනු කිම ආදරය කියනු කිම
ජීවිතය කියනු කිම පෙම්වතුන් කියනු කිම
ආකර්ෂණය කියනු කිම හිතවතුන් කියනු කිම
ආලය කියනු කිම ආදරය පවතීද

රූ සපුව නැති කලට
බව බෝග හිග කලට
අත මිටට හිර කලට
කෙසේ නම් හිර දේද

ලස්සනට ලස්සනම ඇති තැනට ඇති තැනම
නැති තැනට නැති තැනම හැමදේම ගැලපේද

සතුටින් සිටින්නට සැනසීම විදිමින්ම
සෙනෙහස දයාබරව තනි නොතනි පාලුවට
රැකවරණ ගෙන එන්න ඇසට ප්‍රිය හිතට ප්‍රිය
ගතට ප්‍රිය කනට ප්‍රිය
ප්‍රිය ප්‍රිය හැම දේම ලබන්නට ඇත්නම්ම මට

Saturday, February 14, 2015

ඉක්මනට එන්න


දැල් කවුලුව විසිර නල දඹ රත් පැහැයෙන් අලු අවරගිරෙන්
බැස හිරු යයි කොඳුරා කඳු කුරුබිලි සදලු තලෙන්
දවස් ගණන් මැද හිම එක් දින අරුණාලෝකෙන්
ලැබූ පණත් නැත කලුවර ගෙට තව ටික මොහොතෙන්

තනිකම නොතනිකම අනතුරු අදහස් නොකල දිනත්
හැප්පුනු නියා මුව මුහුණත විරූපව විදවන්නත්
සිත්ලුණු නියා තව මසු රැස්කරගන්නට ඕනෙත්
ජීවිතයයි කියා හැකි නැත අලසව අත්හැර යන්නත්

කර්මය අකර්මය ලෝදම් ඉවසීමෙන්
සැනසෙනු මිසක වෙන යම් ගැලවිල්ලක් වේනම්
ගගකින් එතෙර වන්නට ඔරුවක් කොල්ලෑ වේ නම්
සසරින් එතෙර වෙනතෙක් දිවි දිරි කරුණා ලද නම්

මෙත් බොසත් හිමිට ඈ සරණව හිටියාලූ
නකුලට ඇය මව මිතුරිය මෙන් සරණට වූවාලූ
ගොරරුපු  කැලට වලගම් නිරිදුන් රැක ලයපෑලූ

පියකරු පතිනි හිමි කම මට තවතමත් නෑලූ

යුතුකම් අතර දුව දිවියේ වගකීම
දිවිහිම් තිබෙන තුරු පිවිතුරු හැඟුමක පිබිදීම
නොලද නමුදු දිනයක කවියන් කී ආදරය
ආදර දිනය වැදගත් බව දෙවියන් හීනෙන් කීය