Sunday, May 13, 2012

වියපත් රැහැයියා







ඇවිත් රැහැයියෙක් රැගෙන විත් තනුවක්
නොදත් තාලයෙන් ගයයි ගීතයක්
ගොරහැඩි ලෙසින්

මමත් දන්නවා රැහැයියෝ නුඹත්
සිතත් පාලුවෙන් සොයයි ආලයක් 
නොඅලස් ලෙසින්

කොතරමි නදකලත්
රැහැයියෝ නුඔ තවත්
නොදන්නවා නොමවෙතී
හැමෝටම ලග නොවේ
සෙනෙහසේ හීනයත්

විදීමෙන් තොර ආලයක් වෙද  
රිදීමෙන් තොර දිවිය එම වෙයි
ආලයක් ලා හඩන නුඹ මෙන්  
සකට  හිරු සදු යැදපු  කුමරුන්  

ආලයක් ලත් දිවිය මනරම්
බඹ විහන්නත් සිත චපල නම්
උඹත් රැහැයියෝ වැරදි නොම වෙයි
සසර ජයගනු රැයෙන් නොහැකියි

නුඹට රිසි දින සසර දිනනු ඇත
උඹත් සතුටින් දිවි ගෙවෙන විට
දුකක් ඇති තැන ද්වේසයම වෙයි
නිදුක් වන්නට නුවණ මද විට
  
                                                                                                                      චරක දනන්සූරිය

No comments:

Post a Comment