Friday, May 11, 2012

පා පැදි සවාරි

දිනක් තිබුනා මටත් මතකයි
සිහින මැව්වා මටත් ගන්නට
විදුලි වේගෙන් සැරිසරන්නට
කුරුල්ලෙකු මෙන් නිදහසේ

අනිත් කොල්ලන් ගියා මතකයි
මවුටන් වල ස්පොර්ට් බයික් වල
නොදැන කිසිවක් මම ගියා
සීයගේ පරණ බයිසිකලයෙන්
 
පැද්ද හැටි මට තාම මතකයි
පන්ති ගානේ ගෙවල් ගානේ
දිවා රෑ තෙමෙමින් වේලෙමින්
වෙව්ලමින් කුසගිනි පිටින්

දිනක් වැදුනා අකුණු සැරයක්
මොර සූරන මහ වැහි දිනේ
මෙන් පෙර පිනක් පලදී
වැදුනා ලග වූ ලයිට් කනුවේ

තාම මතකයි පැන දිවු හැටි
බයිසිකලය ගෙන පොත් බිම දමා
හතිලමින් ගන දුම් මැදින්
කලිසමින් චූ හල හලා

වෙසක් දින වල පොසොන් දිනවල
ලොවේ සිහිනය බයිසිකලයෙන්
ගියේ සතුටින් කෙබර දොඩමින්
දුර පදින්නට වදිමින් දන්සැල්

                                                                                                                            චරක දනන්සූරිය

No comments:

Post a Comment