Friday, May 11, 2012

සරුන්ගල්


එක වසර පන්තියේ මම සිටින විටදී  පාසැලේ
ගුරුතුමී කීවා මතකයි හදන්නට සරුංගලයක්
මීට පෙර කිසි දිනක හදා නොතිබුන නිසා
අසා තිබුනා සරුංගල් හදන්නේ ඉරටින් කියා

සිටියේත් නෑ උදව් ගන්නට කිසි කෙනෙක්
මමත් හිටියේ උනන්දුවෙන් හා හරිම විස්වාසෙන්
ගැටගසා මුලු නුල් බෝලය අලවලා සව් කොල ටිකක්
ගත්තා මගේ සරුංගලය කරකලා ඉන වට ටිකක්

තාම මතකයි ගෙන දිවූ හැටි ගේ වටේ මහ වේගයෙන්
උඩ ගියේ නෑ කිසිම ලෙසකින් බිද ලමින් මා සිත පැතුම්
බැරිම තැන ගෙන විවිද  උපදෙස් සමග ඔවදන් අනුහසින්
දික් කලා අඩි කීපයක් මා සරුංගලයේ කොට නූල්

රැගෙන වේගෙන් කරකවා ගත්තා නූලේ එක පොටක්
තියා ඉනි මං බලා සුලගත් නැග්ග වහලෙට වීරියෙන්
තියා තනිකර ආවා පහලට පැන්න පොට ගෙන වේගයෙන්
බැලුව හනිකට ඉහල යන හැටි වැටුන පිම්මෙම කර කොනින්


තියා අඩියක් තවත් පෙරටම සරුංගලේ උඩ යයි සිතා
දිව්වා හයියෙන් උපරිමෙන් ගෙන අනෙක් පිම්මත් කරකවා
වරක් කැරකී සරුංගලයත් පෙරත් පරිදිම වේගයෙන්
ආපි බිම දිග මාත් සමගම පෙරළි පෙරළී උමතුවෙන්

                                                                                                                     චරක දනන්සූරිය

No comments:

Post a Comment