Friday, January 18, 2013

දයාබර පරණ පෝන් එක



නු දා ඉදන් දැන්
පුරා දස වසක් ඉක්මී
පුලා ආසාවෙන් මා
නිති මග බලා සිටියා

ගැටවර තුරුණුවිය 
මැකී වියැකි යනවදෝ
මටත් නොදැනීම වේගේන්
තාමනම් නෑ මා පැතූ 
මිහිරි ඇමතුම 
ආදරේ තනුවෙන්

මම අසතුටෙන් විරහෙන්
නොකියා ලොවට කිසිවක්
වේදනාවෙන් රහසේ

පතිනියක් නොහිටියත් රකින්නට
පිරිමි සිත ගැන දැන දැනත්
පැල්ලමක් ඈ හට නොඉන්නට

නොඉදුල්ව සිටියා නැවුම් නොඉදුල්
පෙමක් විඳිනට සදාකල්

තවත්නම් මට 
බලන් ඉන්නට බැහැ
නුඹ මා වෙතට එන බව
පෙනෙන තෙක් මානයක නැහැ

                                                                                              චරක දනන්සූරිය