Saturday, October 20, 2012

නිසදැසටම මා පෙම්කරනා






හුදකලාවේ එකුන් තිස් වසක්
ගතවී
මා තනිය මකන්නට
මා සොයාගත් පෙම්වතීයේ නුඹ
දැනටමත් මා කලාදෝ කවියෙක්

මා තරුණයෙකු වූ දා පටන්
පිබිදෙනා
මගේ හැගුමන් හා පැතුම්
තේරුම් ගන්නට සමත් වෙනකෙක්
තව නොවූවා තරම්

කිසිම දිනක දැන සිටියේම නෑ
 තනිකම කුරීරුයි කියා
වැටෙන හැමවිට නැගිට ගන්නට
විස්වාසයේ පිය ගැට සොයා
කදුලු සපිරැණු නෙතින් රහසින්
දිරිය වදනකට මහ මග බලා
සිටියා ලොවට හොරෙන් සීරුවෙන්
දෙනෙත කදුලින් පුරවලා  

-- චරක දනන්සූරිය

Friday, October 19, 2012

සිංගප්පූරු සිහිනය


නිදි නැතත් ඇලවී
දහවලත් කිට්ටුයි
තවත් දවසක් උදාවෙනවා
නැගිට ගන්නත් කම්මැලියි

තනිකමත් නිතරම දැනේ
පාලුවත් සීතලත් මුසුවී
නිතරම වැහි වලා බරවූ
සිංගප්පූරුවේ
කෝවන් බෝඩිමේ

හිතත් නිතරම වගේ
සොයන්නේ මට නැතිම දේමයි
රස්සාවකුත් තව නෑ
කෑමටත් බර වියදමක්
කාසි අත නොගැටෙන නිසා
ආදරේ නම් තවත් ඈතයි



Wednesday, October 17, 2012

ධර්මයද දහිරයද කරුමයද සල්ලිමද ? මොකක්ද රහස ...



 
පුරා සත් මසක් ගතවී තවත් සත් දිනක් ඉක්මුනා
අරා මත් විතක් නයවී තවත් දහිරිය නොම නිමා
දරා නෙක් දෝමනස් සිතින් සසලව තුටින් සිටිනා වුන් බලා
මරා නිදි විසිවසක් මා දැරූ තැත් දැන්
පලත් විරලව වියකිලා

නැතත් සමහරු සමත්කම්
අලස් මුත් වූ සලල් කඩවසම් නියාවෙන්
ගරුමනුත් මහත් තැන් ලබති මනරම් වැටුප් සමගින්
ගම්බද පැලක දෝ මා උපන් වූ නිසාවෙන්  
ගිලිහුනාදෝ රිද්මය විටක්වත් 
විලම්බිත සමාජ යන්තරය දිව යන
රැකියාවකුත් නෑ 
දිනුවමුත් දිරියෙන්ම කටුකොවුල්
නිමකලත් නොනිම් සුදුසු කම් 
වෙහෙසවා වෙර දහඩියෙන්
වේදනාවනම් නොනිමියි
මා කෙසේ රිසි සේ නිදන්නද
දකිමින්  මිතුරන් පැමිණ සාදයක් අහවරව 
ගත කර සිරි යහන් සුදු වෙසගනන් සමගින්
උදම් වී මතින් බමනව 
වෙසරිදු ඉක්මවා පවසන කෙරුම්නම්
ආදරයත් දිනන හැටි අරුමයි 
පතිනියන් දරු සුරතලතුත් බලමින්
ඉදන් සිංගප්පූරුවේ 

දකිමින් සංකර විපරීත ලෝකය
දිවියේ සතුටනම් කිම 
කවරක් නිවැදිද කවරක් නොවෙද
තවමත් සිතාගන්නට නම් නැත මුහුකුරා
සිතේ සතුටකුත් නෑ
සන්සන්දනය කළ කල මම මා 
අනෙකුන් සමග

විටකදි සන්සන්දිතව මට 
මා ගැන දැනේ පරාජිත බවක් 
වෙහෙසත් ලැජ්ජාවත් මුසුව
කලා නිමි සිව් උපාදිත්
වැඩ කලා මහත් වෙහෙසෙන් කොම්පැනියකට
නැතත් අල්ලා අතින් වත් කිලිටි වී 
දිනක ගුණවත් සැමියෙක් වෙම් කියා
තවත් නෑ රස්සාවකුත් ඔබින්නට 
ලත් සිප් මහත් වෙහෙසෙන්
පාලුව දුක සෝ සුසුම් බිනන්නටවත් 
ලබැදියක් තවත් මුණ ගැසී නෑ
කාසි අත නොගැටෙන නිසාදෝ 
මමත් දම් සැක කරනවා
                                                                  චරක දනන්සූරිය