Tuesday, November 6, 2012

Every day Dream - Living My Way


I don’t wanna touched bust
busted as dust
I don’t wanna cheap freak
cheapest as lust
I don’t wanna stray out
straight not gut
I wanna stay free yet
happy ever after love

Fairy tails are nt fake
they are my dream
True love is true
There's nothing it freak
I hate stupid nasty funny chiksies
I need perfect love
as much as it be
I wanna live a life
Love in free
Because
I wanna die in peace forever

I don’t care all risks when they flame
I don’t mind what it mean insane
I know the world is imperfect to be
But
I wanna live to that perfect it free

I like to live and I like to learn
Never mind hardships aren’t they deserve
Victories aren't much failures are most
as 
Too unfair for the jumbo effort i burn

I know something wrong with me yet
Don’t care I can’t change the way I bet
my whole life may last useless may be
But happy, bitter I live the way I feel

Friday, November 2, 2012

මැටි අලියා





 බහුතරයක් අද කාලේ දෙමව්පියන්නට දරුවෙක් කුඩා කාලයෙ ගොඩ නගන්න ඕනැ කොහොමද කියල අවබෝධයක් නැහැ. නූතන වානිජකරණය වූ සමාජයේ දෙමව්පියො තමුන්වත් නොදැන කොහේදෝ යන රැල්ලකට දරුවො තල්ලු කරනවා.

දරුවෙකුගේ කුඩා කාලය තුල ලබන අත්දැකීම් මත තමයි ඔවුන් වැඩිවියට පත් කල ඔවුන්ගේ සමාජීය ජීවිතයට අවශ්‍ය පෞරෂය ගොඩ නගාගන්න මූලික අඩිතාලම සැකසෙන්නෙ. සැබෑ ආදරය කියන්නේ දෙමව්පියන් තමන්ගේ සිහින පමණක් ආත්මාර්තකාමී ලෙස දරුවන් තුලින් ජය ගැනීමට උත්සාහ කිරීම නෙමෙයි. සිඟිත්තෙකුට කෑම බීම දී, ආයතනගත අද්‍යාපනයට පොළඹවා රැකවරණයම දීම පමණක් ආදරය දැනවීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. යහපත් වැඩට ඇගයුම් ප්‍රසංසා සේම, ඔවුන්ගේ නිසග හැකියාවන්ට, ඔවුන්ගේ රිද්මයට මෙන්ම ඔවුන් නිරායාසයෙන් කැමති දේටත්  ඉඩ දිය යුතුයි. එසේ නොකිරීමෙන් සුන්වන බලාපොරොත්තු සමග පීඩිතව කෙලවර නොදැන පරිනත කරන රිද්මය ගිලුහුනු දරුවා සමාජගත වෙන්න උත්සාහ දරණකොට නොයෙක් මානසික ගැටලු සහ පීඩනයන්ට ගොදුරු වෙනව.

සිටියා දිනක මම පංතියෙ දෙක වසරේ
කිව්වා ටීච මැටි වැඩ කරනට ඇත්තේ
දෑතේ හුරුව දිවියට මූලික වන්නේ
සෑදී සැවොම නිති පෙරහුරු කළ යුත්තේ

වත්තේ කුඹුරකට බැස ගෙන මා උදැල්ලක්
ලත්තේ වලක් හාරා කිරි මැටි පිඩැල්ලක්
සිත්සේ තනන්නට අලියෙක් ඇතේ හිතක්
ගත්තේ තනන්නට දන්නා ලෙසින් මිසක්

ගෙන මැටි පිඩ ඔතා රඹ කැන් කොල කැබැල්ලක
ගෙදරට ගෙන ගියේ මා පිය උපදෙස් ලබන්නට
සිදුවුනේ වෙන දෙයක්  නොසිතූ විලාසෙට
අම්මට තද වෙලා ගෙන මූ මැටි අනන්නට

අම්මගෙ නොතේරුම් කම ගැන මට දැන් දුකත් සිතේ
ඇය නොදැනදෝ කල දෙය අපරාදයක් වෙතේ
මගේ උත්සාහයම නිතරම ඇගෙ උපහාසය වූයේ
දවසම දගලලත් මැටි පිඩ නොව අලියෙක් වූයේ

නැත මට හදන්නට අලියෙක් කිසි සහයක්
ගේ හරියෙවත් නැත මට සෙල්ලම් බඩුවක්
මෙතරම් දගලලා දහිරිය සිඳුනේ නැතත්
අම්මගෙ උපහාසය මටනම් රිදෙනවා තවත්

ඇය මට හිනැහිලා අවමන්කර මැටි අලියා කියලා
මගෙ මිතුරන් සොයුරන් ඉදිරියෙ මා අසරණ කරලා
නිතරම මතක් කරලා වැඩ මැටි අලියා මෙන්ය කියා
දවසම අගයකර නිති මල්ලිගෙ දස්කම් කියලා

අම්මා දත්තේ නෑ ඇගේ වදනක දහිරය දරුවාට
නොදැනම ඇය අගයන්නේ අනෙකුත් දරුවන්ය
ඇගේ නෑදෑ මිතුරු දරුවන් හැකියාවන් පිරිලාය
වැඩිමල් දරුව නිති කෙරුවේ නොපනත් කම්ය

විරසක වී නොවේ මේ කවි නගන්නේ
දරුවන් තනන්නත් දැනුමක් ඔබින්නේ
මතුපරපුරට අපි දැනුමක් ගෙනෙන්නේ
වරදින  විටයි අපි හරියට කරන්නේ

ගරහන්නට එපා දහිරය කරන විට
අනුබල දෙන්න දිරිදී ඔහු රිද්මටයට
ඔවදන් දෙන්න අතදී නිසි බැරිම තැන
සන්සන්දනය වැනසුම බව දැන ගන්න

                                                                                                    චරක දනන්සූරිය

Saturday, October 20, 2012

නිසදැසටම මා පෙම්කරනා






හුදකලාවේ එකුන් තිස් වසක්
ගතවී
මා තනිය මකන්නට
මා සොයාගත් පෙම්වතීයේ නුඹ
දැනටමත් මා කලාදෝ කවියෙක්

මා තරුණයෙකු වූ දා පටන්
පිබිදෙනා
මගේ හැගුමන් හා පැතුම්
තේරුම් ගන්නට සමත් වෙනකෙක්
තව නොවූවා තරම්

කිසිම දිනක දැන සිටියේම නෑ
 තනිකම කුරීරුයි කියා
වැටෙන හැමවිට නැගිට ගන්නට
විස්වාසයේ පිය ගැට සොයා
කදුලු සපිරැණු නෙතින් රහසින්
දිරිය වදනකට මහ මග බලා
සිටියා ලොවට හොරෙන් සීරුවෙන්
දෙනෙත කදුලින් පුරවලා  

-- චරක දනන්සූරිය

Friday, October 19, 2012

සිංගප්පූරු සිහිනය


නිදි නැතත් ඇලවී
දහවලත් කිට්ටුයි
තවත් දවසක් උදාවෙනවා
නැගිට ගන්නත් කම්මැලියි

තනිකමත් නිතරම දැනේ
පාලුවත් සීතලත් මුසුවී
නිතරම වැහි වලා බරවූ
සිංගප්පූරුවේ
කෝවන් බෝඩිමේ

හිතත් නිතරම වගේ
සොයන්නේ මට නැතිම දේමයි
රස්සාවකුත් තව නෑ
කෑමටත් බර වියදමක්
කාසි අත නොගැටෙන නිසා
ආදරේ නම් තවත් ඈතයි



Wednesday, October 17, 2012

ධර්මයද දහිරයද කරුමයද සල්ලිමද ? මොකක්ද රහස ...



 
පුරා සත් මසක් ගතවී තවත් සත් දිනක් ඉක්මුනා
අරා මත් විතක් නයවී තවත් දහිරිය නොම නිමා
දරා නෙක් දෝමනස් සිතින් සසලව තුටින් සිටිනා වුන් බලා
මරා නිදි විසිවසක් මා දැරූ තැත් දැන්
පලත් විරලව වියකිලා

නැතත් සමහරු සමත්කම්
අලස් මුත් වූ සලල් කඩවසම් නියාවෙන්
ගරුමනුත් මහත් තැන් ලබති මනරම් වැටුප් සමගින්
ගම්බද පැලක දෝ මා උපන් වූ නිසාවෙන්  
ගිලිහුනාදෝ රිද්මය විටක්වත් 
විලම්බිත සමාජ යන්තරය දිව යන
රැකියාවකුත් නෑ 
දිනුවමුත් දිරියෙන්ම කටුකොවුල්
නිමකලත් නොනිම් සුදුසු කම් 
වෙහෙසවා වෙර දහඩියෙන්
වේදනාවනම් නොනිමියි
මා කෙසේ රිසි සේ නිදන්නද
දකිමින්  මිතුරන් පැමිණ සාදයක් අහවරව 
ගත කර සිරි යහන් සුදු වෙසගනන් සමගින්
උදම් වී මතින් බමනව 
වෙසරිදු ඉක්මවා පවසන කෙරුම්නම්
ආදරයත් දිනන හැටි අරුමයි 
පතිනියන් දරු සුරතලතුත් බලමින්
ඉදන් සිංගප්පූරුවේ 

දකිමින් සංකර විපරීත ලෝකය
දිවියේ සතුටනම් කිම 
කවරක් නිවැදිද කවරක් නොවෙද
තවමත් සිතාගන්නට නම් නැත මුහුකුරා
සිතේ සතුටකුත් නෑ
සන්සන්දනය කළ කල මම මා 
අනෙකුන් සමග

විටකදි සන්සන්දිතව මට 
මා ගැන දැනේ පරාජිත බවක් 
වෙහෙසත් ලැජ්ජාවත් මුසුව
කලා නිමි සිව් උපාදිත්
වැඩ කලා මහත් වෙහෙසෙන් කොම්පැනියකට
නැතත් අල්ලා අතින් වත් කිලිටි වී 
දිනක ගුණවත් සැමියෙක් වෙම් කියා
තවත් නෑ රස්සාවකුත් ඔබින්නට 
ලත් සිප් මහත් වෙහෙසෙන්
පාලුව දුක සෝ සුසුම් බිනන්නටවත් 
ලබැදියක් තවත් මුණ ගැසී නෑ
කාසි අත නොගැටෙන නිසාදෝ 
මමත් දම් සැක කරනවා
                                                                  චරක දනන්සූරිය


Thursday, August 2, 2012

බලාපොරොත්තුව


සඳත් නැත අද
තරුත් නැති සඳ
දකින්නට තාරකාවී
බලා සිටිනා අඳුරු දිනයක
ඈත ආකාසේ  

දින වස් වුනා
වස් දසකයන් වී
මුණගැසීවිද මා බලාසිටියත්
පුරා එක් තිස් වසක් ඉක්මී

දුලා පරසිදු නේක මනරම්
තාරකා ඇවිදින්
තාම නෑ විත් මා පැතූ  
තාරකා කැකුලී   
මඟ බලා මුත් සෑම සඳයම
ඈත ආකාසේ
දනීවිද නුඹනම් තවත්
පුලා මඟ මම බලා සිටියේ
නොනිම් ආසාවෙන්
නුඹට කිසි දින තැවුල් නොවනට
නොනිම් හැඟුමන් යදමලා
සංස නොකරන් කෙලස කිසිවිට
මා දැරූ නොකැලැල් වෙර මෙවර
පෙර සසරෙදීදෝ
මගෙන් වරදක් වූ නිසා
                                                                                                                 චරක දනන්සූරිය

Tuesday, July 31, 2012

අම්පිටියේ නාග රජා

නමින් අම්පිටියේ
පන්සල අසල තුඹසේ
නයෙක් වී සිටියේ
නුඹද  කිව මැන පුංචි දරුවේ

දැක නුඹ ගැන සටහනක්
ගොසිප් පුටුවක මහා සටනක්
වීද නුඹ නා රජෙක්
කෙසේ සැක ඇර දකින්නද මම්


අම්පිටියේ නාග රාජයා මනුස්ස ආත්මයක් ලබල කියල හරි ප්‍රහේලිකාවක් යනවා මේ දවස්වල  තැන තැන. මටත් ඉන්න බැරි තැන මේකේ යට දාල තිබ්බ කොමෙන්ට්ස් එහෙමත් කියවන්න ගත්තා. බලනකොට බොලේ මෙන්න එකෙක් කියෙනව නයා සිංහල දන්නේ කොහොමද කියල., තවත් එකෙක් කියනව නයා පලතුරුකනවා පුදුමයි කියලා, තවකෙක් කියනව බුදු දහමයි මේ මිහිපිට ඔප්පුවන්නේ කියලා, etc හැම කෙනාම තමන්ගේ අත්දැකීම් වලින් මේ සිද්ධිය වවිධ ලෙස විචිත්‍රව විග්‍රහ කරනවා. මමත් හිතුවා මේ එකෙක් දාලා තිබ්බ නයා කොහොමද පලතුරු කන්නේ කියන comment එක අල්ලලා මුලු ඔක්කොම කොමෙන්ට් වල තියෙන very challenging points වලට; මම මේ සිද්ධිය විග්‍රහ කරන්නේ කොහොමද කියල talk එකක් දෙන්න. කොමෙන්ට් එක ලිව්වා බොලේ මෙන්න ඒක දාන්න gossip site එකේ ඉඩ මදිලු. හුටා මට මොන ගොසිප්ද කියල දැම්මා කොමෙන්ට් එක මගේ Blog එකේ.




මම ලිව්ව පිලිතුර තමයි මේ තියෙන්නේ.

කලබල වෙන්න එපා මිත්‍රයා. නයා කාපූ එක ගැන දුක් වෙනවට වඩා ඉස්සෙල්ලම සතුටු වෙයන් ඒකා මිනිහෙක් වෙලා අපි අතරට ආපු එක ගැන. උඹ මිනිහෙක් වෙලත් පලතුරු විතරද කන්නේ කියල අවංකව හිතපන්. ඉතිං මේකා නයෙක් වෙලා අඩුමගානේ පළතුරු විතරක්ම කන්න හිතපු එකත් ලොකු දෙයක්නෙ බන්. අපි නොදන්න බොහෝ දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා. උඹ නොදැක්කට අන්නසි කියන්නේ නයින්ගේ ප්‍රියතම කෑමක්. අන්නසි වතු තිබ්බ අය ඒක දන්නවා. නයි කාපු අන්නසි කාපුවාම විස වෙනව කියල අහල ඇති පලුදු අන්නසි ගන්න ගියාම සමහර විට. නයි විතරක් නෙමෙයි අන්නසි පොලොංගුත් කනවා. ඒව ගම් වල ඉන්න උදවිය දැකල තියෙනවා.  සමහර විට මගේ මිත්‍රයා දන්නේ නෑ අපි නොහිතන ගොඩක් ජාති සමහර සත්තු කනවා. ඒකෙන් කියන්නේ නැහැ නයා හැම වේලම පලතුරු කෑවයි කියල. විද්‍යාත්මකව ගත්තොත් නයාට අභියොග කරන එකම සතා මුගටිය හා මිනිහා විතරයි. සමහර විට ඒකයි ඒ ආත්ම ප්‍රභල විදියට සලකනවා ඇත්තේ. නිකන් හිතල බලන්න වෙන සත්ව ආත්ම ගැන , තමුන්ව මරාගෙන කන්න වෙන එවුන් අඩුයි කියල හිතල සැනසීමෙන් ඉන්න තියෙන ආත්මයක් තමයි නාග ආත්මය. අනෙක් බොහො සත්තු ජීවත් වෙන්නේ ජීවන බයෙන්. එහෙව් බයෙන් ඉන්න සතෙක් පුදුම අසහනේකින් පීඩනයකින් කාලෙ ගෙවන්නේ. නමුත් සාපේක්සව නාග ආත්මයක ඒ පීඩනය අඩුයි කියල හිතන්න පුලුවන්/ නමුත් මෙතන තියෙන ප්‍රදාන ගැටලුව තමා නයා කොහොමද සිංහල දන්නේ කියල. හොදයි අපේ ගෙදර බල්ලා මම වැඩට යනවා කියපුවම පස්සෙන් නොඑන්න දන්නවා. මම වත්තට යනව කියපුවම පස්සෙන් එන්න දන්නවා...මම බැනපුවම ඒකත් තේරුම් ගන්නවා, ඒ බව ප්‍රකාශ කරන විදියත් දන්නවා, නම කියපුවම නැට්ට වනන්න දන්නවා, ඒ gestures වලින්ම විතරක් නෙවෙයි. ඒ සතුන්ට  ඊට වඩා එහා ගිය විංක්ගදානයක් (conscious) එකක් තියෙනවා. උදාහරණයක් විදියට ඔබ ඈත රටක නොදන්න බාසාවක් කතා කරන නගරයකට ගිහින් දැම්මත් දවසක් දෙකක් යනකොට නගරෙට මිනිස්සු කියන නම දන්නව වගේ. මගේ මිත්‍රයා internet එකේ google කරපුවම සමහර විට මේ වගේ දේවල් රපෝත්තු කරල නැතුව ඇති. නමුත් අපේ ගමේ බල්ලෙක් හිටියා පුලුටු ජාති මස් මාලු තිබ්බොත් බත් එක අත ඇරල යනව. නමුත් බඩගිනි වැඩි වෙලාවට ඒකා දෙන දෙයක් කන්න ඇති. මේ සිද්ධිය සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුලුවන් - මෙයා ගිය ආත්මේ මනුස්සයෙක් වෙලා ඉදල නාගයා ගැන විපරමින්ම කල් ගෙවල මිය ගියාට පස්සේ පහුගිය ආත්මේ ගැන තොරතුරු 100% නිවැරදි නැතුව කියනව වෙනන්නත් පුලුවන්. 

නමුත් කොහොමහරි මේ කතාවෙන් ගන්න සුදුසු දේ තමයි අපි නැවත ඉපදුනත් නැතත් සත්තුන්ට කරුණාවෙන් සලකන්න පුරුදු වුනොත් යහපත් කියන එක. අනිත් දේ තමයි හොද වැඩ කලොත් හොද දේ කවදහරි ලැබෙනවා කියන එක.  ඇත්තට මම හිතන්නේ නෑ මේ සිද්ධිය සිරාවටම වුනාද නැත්නම් නයා සිරාවටම කෑවෙ පලතුරු විතරද, මේකා සිංහල ඉගෙනගත්තෙ කාගෙන්ද, නයාට බඩුවක් ගහන්න අවුරුදු පහක් තිස්සෙම බැරි වුනාද, නැත්නම් නයාට එක ගෑනියෙක් විතරද හිටියේ කියන වගේ කුහක පුද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුලුවන් දෙයක් කියලා.