Monday, February 17, 2014

සමන් ගිරි සමනලී නුඹ හට


සප්ත කන්‍යා ගිරි මැදින්
සමනල කදු සිරින් මුසපත් නොවී මම්

නුඹ සොයා දුරු වන මං මැදින්
සපු මලින් විකසිත දිය වැල් පිසන්
එන සුළඟටත් කිව්වා

රුපු යුදෙන් නොසැලී රැදුන් 
දෙල්ගමු දලදා හිමි පියසත් වැදන්
සමනල ගිරින් අනුහස් දහස්
සමන් දෙව් රද ආසිරි අරන් 

සීත ගඟුලෙන් කුරු ගඟට දිවයන 
මිණි කැටත් සැඟවූ පුලින තල  මත
සලන රමණිය සමනලුනුත් දැනන් දැන්
නුඹට පණ මම ආදරේ  බව
පෙර සසරෙත් පටන් මතු සසර භවයම