Saturday, December 28, 2013

Thousand Love stories we all know of


Romeo loves Rosaline
Seeing Juliet
He kicked Rosaline
Lust the little girl of thirteen

Shakespeare don't write the
Horrible opportunistic
selfishness
He say Romeo is the most faithful lover
for the simple reason
rich handsome and popular

Shah Jahan, made Taj Mahal
He had a Harem
Mumtaz’s mighty Death
at her 14th pregnancy
King never left the Haram
The queen was his third
neither the last

People say Shah Jahan
the eternal Lover

Last Sinhala king
Asked Maha adikarama wife to sleep with
Kumarihami Refused
Power hungry Adikarama chase crown
Deseparated king
Revenge and drowned the wife
hammered the innocent kids

Hero Ehelepola ran away,
remarried  before two years

Hrithik stared the best lover
for the famous movie Kite
with Babara the beauty of Spanish
Not before two years,
he separate
his gifted wife Susane
And heavenly kids

He never say he is selfish
and coward
Made another movie of him
showed separation is the best
so the world say
Hrithik the best

Understand this little girl
Minds always change
When they don't have the right faith
and strength

I l never be a Romeo of cheap
I l never made a killer of Tajmahal
I l never a double heart hero Ehelepola
I l never a star of fake faith

Believe this man little girl
you can give him a life
which he never had
when you love him
he will live for you forever

Wednesday, December 18, 2013

දඟකාර හැඩකාරී


රවා මා දෙස
බලා මා නෙතු
නුදුටු ලෙස නැවතත් සීනාසී
දසන් පාමීන්
හැරී බලනා
නුඹ නොවෙදෝ මා පැතූ
හැඩකාරීයේ

වරක නුදුටු ලෙස
නමුත් හිනැහෙන
නුඹ දකින්නට මග බලන්
වෙහෙස සරතැස සැනින් නිමවී
මග බලා මා කවුලුවෙන්
දඟකාරීයේ

දිවිතුරා මා නුඹ පැතූයේ
සසර පවතින තුරාවටමයි
නුඹ දකින්නට මේ තරම් කල්
බලා සිටි බව නම් සැබෑමයි

සිතින් සිතමින් හදින් පතමින්
දුටු සැනින් නුඹ කවුලු අතරින්
හැදිනදෝ පෙර සසර දැනුමින්
කෙසේ නොකියා මම ඉදින්නද

 නුඹට මම ආදරෙයි ලක්නා



Tuesday, October 1, 2013

පිස්සුව


දෙතොලඟ  මදහස නිතර
සුරැඳි නුඹ රුව සැබෑ මනහර
අතර පියකර ලදුන් සමහර
වෙනස කිම නුඹ සිතට කරදර

ඇත නෙක රූ බර ලදුන් මෙතරම්
සිතේ නුඹ නම් මිණි රුවක් වන්
බලත් කොල්ලන් නුඹ රුවින් මන්
මත් වෙලා මෙන් බිඟුන් මුවරන්

කුමරි නුඹ දැක මත් වුනේ මන්
නොවේ නුරාවට ලොල් බැදන්
සරල ගති දැක මානයෙන් තොර
කුලුණු සිත් ඇති හැඩකාරම් දැක

කුලුණු කෙලිලොල් හැඩකාරකම් මැද
සරල ගති ඇති බව නම් දැනන්
නමින් ලක්නා වතින් ලංකව
නූඹට මට හිමි වන්ට ඇත්නම්

Monday, July 22, 2013

කෝ මා පැතම් !!!




නිකලැල් පළමු පෙමම නොඉඳුල්
පතන තනිකඩයා
මැදිවිය ඉක්මවත් නොමේරූ
සෙනෙහසම විමසයි පෙර ආලය නොකල
නිකලැල් සොදුරු යොවතියකින්
කලක විපරිත
සොයා සීතාවුන්

ගී ඇතත් දහසින් පෙම් මිහිරි සුව ගැන
වුනිද සෝ තැවුල් විරහිත ප්‍රේමයන්
අතින් ගන්නට සිතන මුත් ආදරෙන්  
ඇගේ සිත් ගත් තවකෙක් ද වේදෝ

තනි සිත පියකරු ලඳේ
මටම පමණක් නොවේදෝ
මා කෙසේ නුඹ සතුටින් තබන්නද
පෙර ආදරය නුඹ විඳ ඇති නිසා

මතකයන් නුඹෙ පැරණි පෙම ගැන
සිහිකරන කල මා අභියසම ඉඳ
කෙසේනම් තව එය අසන්නද
නුඹේ සිත තවමත් මවෙත 
නැති බවත් හොදටම දැනන් දැන්

Friday, April 19, 2013

සුභ නව වසරකට ආසිරි



උඬගු සිත් ගත්
වෙත්ද ජගතෙක් මා තරම්
සිතත් මිතුරන් බොහොමත්
ලත් කලට කඩවසම් ලදකුත්
සමග වාහනයකුත්
වැටුප්
තනතුරු උපාධිත්

දැක බක් අස් රියක්
එක් ගෙබි නාම්බෙක්
පුම්බා ආසාවිලු
දැන් අසු නොඉක්මිද මන්

නැත තව පිම්බියන්
පවසා මිතුරු ගෙම්බන්
දිරිමත් කලා මූ
පිම්බෙන්නට අසු තරම්

දොඹ ඇටයක් තරමි ගෙබි රද
අඹ ඇටයක් තරම් පිම්බී
පිපිරීලු සුලු හඩින්
පඩයක් අරින සද්දෙන්

නිහඩව සංයමෙන්
යුතුකමෙන් ධෛරයෙන්
අවමන් ඉවසමින් 
නවමන් පාරමින්
අභීතව අරමුණින්
නව වසර ජයගන්න ඔබ හට
හදින් පැතුන් කලා

Sunday, April 7, 2013

කාලය මැව් වෙනසක අරුමේ



අවුරුදු පොලේ බඩගා යන අතර තුර
අහබෙකි වුනේ සරමක් තෝරන අතර

සත් වසරකත් නුදුටුව පෙර ගජ මිතුර
කිරිබත්ගොඩ ඇවිත් වැඩපොළ වෙත යන්න

දුටු ආවේගයට පැන ඔහු වැළදගෙන
සතුටට ඔහුත් වේගය කිටි වෙව්ලවන
ඇරයුම තවත් කල් දමනට යන ගමන
දෙදෙනම ගිහින් සුලු විතකට මුල පිරුන

ආගිය තොරතුරු සුව දුක් පසකට තබලා
මූ විමසයි මගෙන් දැන් පඩි කීයද කියලා
ඇහුවෙත් නැතුව උගේ රස්සා ගතු කියලා
මේකා කියයි දැන් මම එතනයි කෙරුමා

ඊ ළග වැනුම ඌ සතු වාහන ගැනමයි
වාහන කීපයක් ලඟදිත් හැප්පුනා කීවයි
කොම්පැනියෙන් නිති අඩවස් පඩි වැඩි කරතැයි
ඌ නැති කලට කොම්පැනියක් නැත කීවයි

දෙවනුව කියපි යන බව නිතරම නිල රතයේ

ඩයිවර් නිවඩුයි නැත කිම නුඹ වාහනයේ
විපරම් කරලා ඇද්දැයි මට රිය කල්යානේ
කරබා මමත් රත නැති දුගියෙක් විලසේ

ටිකකින් පඩි ගැනත් පම්පෝරිය දොඩනා

අඹු දරු ගේ දොරත් ගැන කරමින් වරුනා
ගරහා මටත් අවිවාහක බව නොමනා
ඔවදන් දීපි පිය පදවිය ගැන අගනා

එතනින් නැවතුනේ නැත පෙර සරසවි මිතුරා
විමසයි මගේ තනතුර ගැන  දැන් දරණා
දැක දැන ඇදින මට දැන් විලි ලැජ්ජත් හිතිලා
තව නැත නැවතුනේ නව මිතුරන් සිහිලා

අද ලක් දිවේ මැති ඇමතින් මම දනිමි
බලහන් මිතුර මා ලග ලිපි දැන් ගනිමි
ඇමතියි සන් කලේ බලපන් ලොව පදිරි
ධම්මික මගේ බොස්වේ මම දැන් සුපිරි

නවතිනු ඇතැයි එතනින් නැත නවතින පාටක්

දැනගන් තවත් නොම අපි දැන් පාසැල් දරුවන්
උපයන වැදගතුන් අපි අද නොව තවමත් සිසුවන්
උපයන තරම නැත කිසි දින මට ඇති වීමක්

විතරක දර්ෂනික වදනක් පිටවෙන්නේ 
ඒ වදනිනුත් ඔහු ඔහුවම අගයන්නේ
පෙට්රල් ශෙඩ් එකක් ගත් බව කියවන්නේ
බිරිඳගේ ඉඩ කඩම් වතු පිටි මගෙ වන්නේ


ඊ ළඟ දෙසුම මුගේ අනංග රුගුම් ගැන
රති කෙලියෙන් රම්බා හිමි පරදවන තැන
නිති දස්කමින් රූ ලලනුන් බදින මන
ගතියට කියයි රස බර කර එක දෙකට
 
විටකට බිරියට හැර වෙනකෙක් නැත පවසයි
ඒ විගහින්ම තහනම් ඵල රස කියවයි
ඔහු සැප නොලද අගනක් ලොව නැති ගානයි
කැම්පස් එකෙත් මූ සලලෙක් බව පතලයි

කියවන එකක් අනකට පස්පර වන්නේ
ඒ අතරකට බණ පදයක් දැන් එන්නේ
පෙර මෙන් නොවේ මා දැන් පියෙකුද වන්නේ
දරු සුරතලුත් බලහන් බලලයි එන්නේ

වේටර් හනික මේ අතරට දිව එන්නේ
මිතුරා නිතර පැමිනෙණ බව පවසන්නේ
රුපියල් හත්සියය ලෙස බිල පැමිණෙන්නේ
ඊ ළඟ කෙලිය කිමදැයි මට වැටහෙන්නේ

මාසෙ පඩිය ලක්ෂ දෙකක් ඉක්මයිලූ
දවසක තේ දලුත් හොන්ඩර කැඩෙනවලු
රබරුත් රොටී 20 ක් දවසට ඒ ලූ
පැට්රල් ශෙඩ් එකේ ලාභය ගෙදරටලූ

දැන් කැරකෙනා බෝලය මට වැටහෙන්නේ
පන්සීයේ කොලේ අස්සක හිර වෙන්නේ
සෙසු කොල හිර බවකදෝ දැන් අගවන්නේ
සතියට දෙදාහක් නොනයි මට දෙන්නේ


බොරුවට බොරුව දැන් නවතින්නේ නැතිලු
සෙසු බොරුවකට එය පාරක් පාදයිලූ
සෙසු වියදමට කාඩ්පත් ඔහු සතු ඇතිලු
එවන් ගිණුම් ගැන බිරිදට පවසා නැතිලු


ලත වෙන අතර මාරු හිගව මගෙ දෙසීයට කෙල ලන්නේ
වේටර් අතට මාරුත් නැතිව නැවත මිතුරා ලත වන්නේ

එතනත් නැවත පණහක් අතට මටමයි දෙන්නට වන්නේ
නැවත නැවත දමමින් අතක් බොරුවට සාක්කු පීරන්නේ

සමුගෙන යන්න පෙර පලවී අනගි සිතක්
මූ විමසනව ගන්නට රට බොතලයක්
නොම දත් නිසා රට බෝතල් කිසිම දෙයක්

පන්දාහකට ගෙන රතු ලේබල් ලීටරයක්

සමුගෙන මගෙන් මොහොතක් යන්ට මත්තෙන්
face book මැසේජය එයි ඊයක වේගෙන්
අරගෙන මචං බොතලයක් පන්දාහෙන්
දැන් මම යන්නේ සුර ලෝකෙට වැඩි වේගෙන්

Tuesday, April 2, 2013

නීල් අයියා




ගොම්මන් කලුවර ලන්ද තවන කල
හොල්මන් හෙවනැලි බිඳින පවර නල
අම්බරුවන් අඩ පරිදින ගොරහැඩි නද
රහසින් දොස් අසනා නුඹ ගමකින් 

අඩා කෑගසන කල ආවේගෙයන්
දත්තේ නැහැ අණුවන ගම්මුන්
ලෙසම හැර නුඹ නූගත් නොහික්මුණු
සසල අවාසනාවන් මිනිසෙක් තනිකඩ කියා

රස මසවුල් ලොබ නොබැඳ රාගින්නෙන් නොම වී මුලා
රහ මෙර නැත දිනක තොලලා චපල නැති නුඹ
වියරු වී කෝපයෙන් හික්මණු බැරිව ආවේගයෙන්
සලිතවී දෝ සැදෑවක මූසල බවින් වියරුව

තනිකම, විරහව, විටකදී කලඹවන හැටි මිනිසෙක්
සම්මතය උසුලා අකුසල් නිසාදෝ වී තනිකඩව ඔබ
නොදමිත ආවේගයන් කළඹවා ඔබ නොදැනුවත්
බලා උනි නිහඩවම ඔබ ගැරහුමුත් නිති ලං කරන්

පිටතින් ලොවට වී නුඹ නොහික්මුණු ගොපල්ලෙක්
ඇතුලතින් වී පියෙකු මෙන් තිරිසන් ගව කැලකටත්
මදක් කැළඹුනත් විටකට කිපී සුලු දේකටත් සසලව
ගෙවන නුඹ දිවි ගමන මා කම්පිත කලා