නමින් අම්පිටියේ
පන්සල අසල තුඹසේ
නයෙක් වී සිටියේ
නුඹද කිව මැන පුංචි දරුවේ
දැක නුඹ ගැන සටහනක්
ගොසිප් පුටුවක මහා සටනක්
වීද නුඹ නා රජෙක්
කෙසේ සැක ඇර දකින්නද මම්
පන්සල අසල තුඹසේ
නයෙක් වී සිටියේ
නුඹද කිව මැන පුංචි දරුවේ
දැක නුඹ ගැන සටහනක්
ගොසිප් පුටුවක මහා සටනක්
වීද නුඹ නා රජෙක්
කෙසේ සැක ඇර දකින්නද මම්
අම්පිටියේ නාග රාජයා මනුස්ස ආත්මයක් ලබල කියල හරි
ප්‍රහේලිකාවක් යනවා මේ දවස්වල තැන තැන.
මටත් ඉන්න බැරි තැන මේකේ යට දාල තිබ්බ කොමෙන්ට්ස් එහෙමත් කියවන්න ගත්තා. බලනකොට
බොලේ මෙන්න එකෙක් කියෙනව නයා සිංහල දන්නේ කොහොමද කියල., තවත් එකෙක් කියනව නයා
පලතුරුකනවා පුදුමයි කියලා, තවකෙක් කියනව බුදු දහමයි මේ මිහිපිට ඔප්පුවන්නේ කියලා, etc
හැම කෙනාම තමන්ගේ අත්දැකීම් වලින් මේ සිද්ධිය
වවිධ ලෙස විචිත්‍රව විග්‍රහ කරනවා. මමත් හිතුවා මේ එකෙක් දාලා තිබ්බ නයා කොහොමද
පලතුරු කන්නේ කියන comment එක අල්ලලා මුලු ඔක්කොම කොමෙන්ට් වල තියෙන very
challenging points වලට; මම මේ සිද්ධිය විග්‍රහ කරන්නේ කොහොමද කියල talk
එකක් දෙන්න. කොමෙන්ට් එක ලිව්වා බොලේ මෙන්න ඒක
දාන්න gossip site එකේ ඉඩ මදිලු. හුටා මට මොන ගොසිප්ද කියල දැම්මා
කොමෙන්ට් එක මගේ Blog එකේ.
මම ලිව්ව පිලිතුර තමයි මේ තියෙන්නේ.
කලබල වෙන්න එපා මිත්‍රයා. නයා කාපූ එක ගැන දුක්
වෙනවට වඩා ඉස්සෙල්ලම සතුටු වෙයන් ඒකා මිනිහෙක් වෙලා අපි අතරට ආපු එක ගැන. උඹ මිනිහෙක්
වෙලත් පලතුරු විතරද කන්නේ කියල අවංකව හිතපන්. ඉතිං මේකා නයෙක් වෙලා අඩුමගානේ
පළතුරු විතරක්ම කන්න හිතපු එකත් ලොකු දෙයක්නෙ බන්. අපි නොදන්න බොහෝ දේවල් මේ ලෝකේ
සිද්ධ වෙනවා. උඹ නොදැක්කට අන්නසි කියන්නේ නයින්ගේ ප්‍රියතම කෑමක්. අන්නසි වතු
තිබ්බ අය ඒක දන්නවා. නයි කාපු අන්නසි කාපුවාම විස වෙනව කියල අහල ඇති පලුදු අන්නසි
ගන්න ගියාම සමහර විට. නයි විතරක් නෙමෙයි අන්නසි පොලොංගුත් කනවා. ඒව ගම් වල ඉන්න
උදවිය දැකල තියෙනවා. සමහර විට මගේ මිත්‍රයා
දන්නේ නෑ අපි නොහිතන ගොඩක් ජාති සමහර සත්තු කනවා. ඒකෙන් කියන්නේ නැහැ නයා හැම වේලම
පලතුරු කෑවයි කියල. විද්‍යාත්මකව ගත්තොත් නයාට අභියොග කරන එකම සතා මුගටිය හා
මිනිහා විතරයි. සමහර විට ඒකයි ඒ ආත්ම ප්‍රභල විදියට සලකනවා ඇත්තේ. නිකන් හිතල
බලන්න වෙන සත්ව ආත්ම ගැන , තමුන්ව මරාගෙන කන්න වෙන එවුන් අඩුයි කියල හිතල
සැනසීමෙන් ඉන්න තියෙන ආත්මයක් තමයි නාග ආත්මය. අනෙක් බොහො සත්තු ජීවත් වෙන්නේ ජීවන
බයෙන්. එහෙව් බයෙන් ඉන්න සතෙක් පුදුම අසහනේකින් පීඩනයකින් කාලෙ ගෙවන්නේ. නමුත්
සාපේක්සව නාග ආත්මයක ඒ පීඩනය අඩුයි කියල හිතන්න පුලුවන්/ නමුත් මෙතන තියෙන ප්‍රදාන
ගැටලුව තමා නයා කොහොමද සිංහල දන්නේ කියල. හොදයි අපේ ගෙදර බල්ලා මම වැඩට යනවා
කියපුවම පස්සෙන් නොඑන්න දන්නවා. මම වත්තට යනව කියපුවම පස්සෙන් එන්න දන්නවා...මම
බැනපුවම ඒකත් තේරුම් ගන්නවා, ඒ බව ප්‍රකාශ කරන විදියත් දන්නවා, නම කියපුවම නැට්ට
වනන්න දන්නවා, ඒ gestures වලින්ම විතරක් නෙවෙයි. ඒ සතුන්ට ඊට
වඩා එහා ගිය විංක්ගදානයක් (conscious) එකක්
තියෙනවා. උදාහරණයක් විදියට ඔබ ඈත රටක නොදන්න බාසාවක් කතා කරන නගරයකට ගිහින්
දැම්මත් දවසක් දෙකක් යනකොට නගරෙට මිනිස්සු කියන නම දන්නව වගේ. මගේ මිත්‍රයා internet
එකේ google කරපුවම
සමහර විට මේ වගේ දේවල් රපෝත්තු කරල නැතුව ඇති. නමුත් අපේ ගමේ බල්ලෙක් හිටියා
පුලුටු ජාති මස් මාලු තිබ්බොත් බත් එක අත ඇරල යනව. නමුත් බඩගිනි වැඩි වෙලාවට ඒකා
දෙන දෙයක් කන්න ඇති. මේ සිද්ධිය සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුලුවන් - මෙයා ගිය
ආත්මේ මනුස්සයෙක් වෙලා ඉදල නාගයා ගැන විපරමින්ම කල් ගෙවල මිය ගියාට පස්සේ පහුගිය
ආත්මේ ගැන තොරතුරු 100% නිවැරදි නැතුව කියනව වෙනන්නත් පුලුවන්.
නමුත් කොහොමහරි මේ කතාවෙන් ගන්න සුදුසු දේ තමයි අපි
නැවත ඉපදුනත් නැතත් සත්තුන්ට කරුණාවෙන් සලකන්න පුරුදු වුනොත් යහපත් කියන එක. අනිත්
දේ තමයි හොද වැඩ කලොත් හොද දේ කවදහරි ලැබෙනවා කියන එක. ඇත්තට මම හිතන්නේ නෑ මේ සිද්ධිය සිරාවටම වුනාද
නැත්නම් නයා සිරාවටම කෑවෙ පලතුරු විතරද, මේකා සිංහල ඉගෙනගත්තෙ කාගෙන්ද, නයාට
බඩුවක් ගහන්න අවුරුදු පහක් තිස්සෙම බැරි වුනාද, නැත්නම් නයාට එක ගෑනියෙක්
විතරද හිටියේ කියන වගේ කුහක පුද්ගලික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න පුලුවන් දෙයක්
කියලා.
No comments:
Post a Comment