සිතට නිති රිදුම් දෙන
තෙරපමින් පොලඹවන
කිලිටි සිත් ඇති කරන
මෙත් පැතුම් සුනු කරන
ඉවසීම දුරු කරන
සැනසීම වනසවන
නිති ගැටුම් තිර කරන
සිත නොවෙද සන්සන්දනය
සිතේ පැතුමන් වෙතේ
ඇතේ වෙර හදවතේ
නැතේ සන්සන්දන කලේ
මගේ මග මම ගියේ
සමහරු අසමින් තොරතුරු
පෙන්වයි මිතුරන් සුමිතුරු
අලු යට
ගිනි ගනී අඟරු
චපල මිතුරු වෙයි බියකරු
මෙරටේ විරුවන් බොහොමන්
කටින් වෙතේ ගරු ජගතන්
නංවා නැති තැන ගැරුමන්
මුහුණ නොදේ මෙන්
හිවලුන්චරක දනන්සූරිය
No comments:
Post a Comment