ගිගිරි වළලු පැලද පතුලු විත් සුවිතුරු විසල
පාවහන්
පමණටත් වඩා
යෙහෙන් ඇඳ සුරතල් සුකෝමල
දසන් දක්වා සෙනෙහසින්
සරසා සිනිඳු වරලස කුඩා
ගෙන විසල් කලු රෙදිකඩක්
ගොතා මහ කොන්ඬයක්
පතප් කුල කතක් මෙන් සීරුවෙන්
අල්ලා දුහුල් සලු පොට
මිටින් මිට ගැට ගසා මැනවින්
සමින් කල මනරම් කුඩා
අත් බෑගයත් ගෙන
බටහිර ලදක් මෙන්
සායන් කර කැපෙන්නම සාරියට ඈගේ
ලපටි නිය ඇහි බැමිත් ගලපා
විවර කර සුකුමෝල දෑතින්
පෙකෙනියත් පෙනෙන්නට රහසින් විටක්
සරසා මුව පිරි මදහසින්
පෙරට එයි පොඩි රුවැතියක්
කඩිසරෙන් අඩි තබා ඉක්මන්
නගා විලවුන් මුසු පවන්
රඳවා දෙතොල් තවරා පාට මනරම්
මදක් සපවා ඔප නා දලු විලාසෙන්
සිඟිති පන්තියේ සොදුරු ගුරුතුමී වන්නට
තනන මා සුරතලී කෙලිලොල්
දුලාත්මා
චරක දනන්සූරිය
No comments:
Post a Comment