Saturday, June 2, 2012

පිච්ච වැලක් ඇහැළ ගහේ එතෙන්නේ


නිසල සඳ මඩල විසල ඇසල මල් බිස්සේ
දෝල වෙයි නිති කෝල තරු කැල අස්සේ

ලෝල සිත දැක ඉඟිමරන සුර දනන් සනසනු වෙස්සේ
අඩක් පා සොමි කැලුම් කිම වලා විල්ලුද  වියන්  රිස්සේ

සුවහසක් මල් සුපිපෙනා වැල්
නිහඩ මැදියම පුරාවට
කසා සායක් අතුරලා
ජේත මන්දිර විසල් ගෙවුයන රන්කසින් සැරසුවා සේ

කසා පිල මත විරාජිත ඇසල රුක් කුමරුන්
සුපිපි  සුමදුර පිච්ච ලිය වෙලාගෙන ආලෙන්
සුරහසින් සුසුවඳත් වී ඈ සරා මල් හී විකාරෙන්
උපුල් වලා වියන් බැද සිරි රුසාවක් සමගෙන්

                                                                                                                  චරක දනන්සූරිය

No comments:

Post a Comment