Thursday, June 28, 2012

මැදිවිය කරා




නොලත්මි කිසිදා ආදරයනම්
සෙනෙහසින් සොඳුරු වී
ලත්තෙමි කුරිරු තෙපලුම්
තැත් කලමුත් දිනන්ට සොඳුරු හදවතක්  
හදවතින්  
නිත් වේදනාවම වෙයි මා නොහැඬුවත්
ගත් වෙහෙසම කලකිරයි දිනන්නට දිවි
ඉක්මවා මා තිස් එක් වියත්

පාලුව කාන්සිය මූසලය තනිකමේ
නිසරු බව කුරිරුයි බැමිනිති සායටත් වඩා
හිත දිරියෙන් නිහඩව තුරැණු විය ගෙවා
වෙහෙසවී
උගත් සිල්පයත් දැන් ගං
දියට කැපූ ඉනි වී

නොලත් සෙනෙහස මිලට ගන්නට ගෙන්දගම් කතරේ
ඇතත් ඇරයුම් සොයා යන්නට වෙසඟනන් ඇසුරේ
සිතත් මිතුරන් අමනයෙක් මා නොලත් රසයක් ආදරේ 
නොවෙම් මම තව චපල මිනිසෙක් කිරන්නට මස් අඳුරේ




No comments:

Post a Comment