තනිකම දැනේ දැන් අන් කවදටත් වඩා
නින්දත් නැගේ පසුවී අලුයමත් සදා
මිතුරන් සියලු දෙන ඇත තම දිවි ගමන් හදා
තිස්විය ඉක්මවී මම තනි යහන් හඩා
තරඟය කුරීරුයි මට මෙන් හැමදාමත්
විශ්වාසය නොමැත මට මා ගැන කෙසේ වෙතත්
පැරදී සිතුමනුත් පැතුමන් රිදී හිතත්
උන්නේ අසරණව යා ගත නොහැක අතක්
රස්සාවත් ගිලුහුනා සරදමකට වාගේ
සතයක් අතේ නැත බොන්නට මදු පානේ
සෙනෙහස තවත් දුරහස් බව සිත පෑරේ
ඉන්ටව් ගියත් රැකියාවක් ලඟ නොපෙනේ
ආලය මෙන්ම රැකියාවත් පිටුපාලා
දහිරය සිදී නැත තිස් එක් විය ඉක්මීලා
ඇතිමුත් හිතේ විස්සෝපය තෙත්වීලා
හඩලා මමත් රෑ නින්දෙන් කෑ ගහලා
ලොකු ලමයෝ අනේ මම දන්නේ නෑ ලොකු ලමයෝ
නැගුනෙමි මමත් උඩ විසිවී නිදි
මරයේ
ඇත්තේ කදුලු විසිරී කම්මුල දෙකොනේ
තාත්තා ගියා ගෙයි එළියට කඩිමුඩියේ
No comments:
Post a Comment