Tuesday, April 2, 2013

අපල දිගු කල



බලා දිවි මග පෙරට
ඉඳ කටුක මග දෙස බලා පහුකල
ඇති ලෙස දැන පෙර අකුසලුත්
උකටලී නොව අදිටනින්
දිරියෙන් සන්තාපයෙන් මිදී

ඉරණමම කුරිරුමුත්
දෛරයෙන් අදිටනින්
නොනිම් වෙර දහඩියෙන්
යුක්තියෙන් යුතුකමින්
ඉතිරි දිවිමග ටිකත්
ඉවසමින්  නොනැවතී

පැරදී වෙහෙසවී
අරමුණුත් ඉටුනොවෙන කල
නිදි මරා දිවි ගෙවා
යුක්තියෙන් උපරිමව
තවත් මට මේ තරම්
පල විරහිත වුනේ
පෙර පවින් දෝ යැයි
සිත සරතැස නිවා

පැතුවා ආදරය නිතර
සිතා ගැන එහි මිහිර
බලා සිටියේ නිතර
රැක නිති බමසරත්

තවත් අකුසල් නොකොට
මෙත් සිතින් හැකි ලෙසින්
සැමට යහපතක් කොට
මිය යන්ට සිත්කලා

ලංව තිස් දෙවන විය


No comments:

Post a Comment