Tuesday, April 2, 2013

නීල් අයියා




ගොම්මන් කලුවර ලන්ද තවන කල
හොල්මන් හෙවනැලි බිඳින පවර නල
අම්බරුවන් අඩ පරිදින ගොරහැඩි නද
රහසින් දොස් අසනා නුඹ ගමකින් 

අඩා කෑගසන කල ආවේගෙයන්
දත්තේ නැහැ අණුවන ගම්මුන්
ලෙසම හැර නුඹ නූගත් නොහික්මුණු
සසල අවාසනාවන් මිනිසෙක් තනිකඩ කියා

රස මසවුල් ලොබ නොබැඳ රාගින්නෙන් නොම වී මුලා
රහ මෙර නැත දිනක තොලලා චපල නැති නුඹ
වියරු වී කෝපයෙන් හික්මණු බැරිව ආවේගයෙන්
සලිතවී දෝ සැදෑවක මූසල බවින් වියරුව

තනිකම, විරහව, විටකදී කලඹවන හැටි මිනිසෙක්
සම්මතය උසුලා අකුසල් නිසාදෝ වී තනිකඩව ඔබ
නොදමිත ආවේගයන් කළඹවා ඔබ නොදැනුවත්
බලා උනි නිහඩවම ඔබ ගැරහුමුත් නිති ලං කරන්

පිටතින් ලොවට වී නුඹ නොහික්මුණු ගොපල්ලෙක්
ඇතුලතින් වී පියෙකු මෙන් තිරිසන් ගව කැලකටත්
මදක් කැළඹුනත් විටකට කිපී සුලු දේකටත් සසලව
ගෙවන නුඹ දිවි ගමන මා කම්පිත කලා 


No comments:

Post a Comment