පුරා දස වසක් ඉක්මී
පුලා ආසාවෙන් මා
නිති මග බලා සිටියා
නිති මග බලා සිටියා
ගැටවර තුරුණුවිය
මැකී වියැකි යනවදෝ
මැකී වියැකි යනවදෝ
මටත් නොදැනීම වේගේන්
තාමනම් නෑ මා පැතූ මිහිරි ඇමතුම
ආදරේ තනුවෙන්
මම අසතුටෙන් විරහෙන්
නොකියා ලොවට කිසිවක්
වේදනාවෙන් රහසේ
පතිනියක් නොහිටියත් රකින්නට
පිරිමි සිත ගැන දැන දැනත්
පැල්ලමක් ඈ හට නොඉන්නට
නොඉදුල්ව සිටියා නැවුම් නොඉදුල්
පෙමක් විඳිනට සදාකල්
තවත්නම් මට
බලන් ඉන්නට බැහැ
බලන් ඉන්නට බැහැ
නුඹ මා වෙතට එන බව
පෙනෙන තෙක් මානයක නැහැ
චරක දනන්සූරිය
No comments:
Post a Comment