
දරුවෙකුගේ
කුඩා කාලය තුල ලබන අත්දැකීම් මත තමයි ඔවුන් වැඩිවියට පත් කල ඔවුන්ගේ සමාජීය
ජීවිතයට අවශ්‍ය පෞරෂය ගොඩ නගාගන්න මූලික අඩිතාලම සැකසෙන්නෙ. සැබෑ ආදරය කියන්නේ දෙමව්පියන්
තමන්ගේ සිහින පමණක් ආත්මාර්තකාමී ලෙස දරුවන් තුලින් ජය ගැනීමට උත්සාහ කිරීම
නෙමෙයි. සිඟිත්තෙකුට කෑම බීම දී, ආයතනගත අද්යාපනයට පොළඹවා රැකවරණයම දීම පමණක් ආදරය
දැනවීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. යහපත් වැඩට ඇගයුම් ප්‍රසංසා සේම, ඔවුන්ගේ
නිසග හැකියාවන්ට, ඔවුන්ගේ රිද්මයට මෙන්ම ඔවුන් නිරායාසයෙන් කැමති දේටත් ඉඩ දිය යුතුයි. එසේ නොකිරීමෙන් සුන්වන බලාපොරොත්තු සමග පීඩිතව කෙලවර නොදැන පරිනත කරන රිද්මය ගිලුහුනු දරුවා සමාජගත වෙන්න උත්සාහ දරණකොට නොයෙක් මානසික ගැටලු සහ පීඩනයන්ට ගොදුරු
වෙනව.
සිටියා දිනක මම පංතියෙ දෙක වසරේ
කිව්වා ටීච මැටි වැඩ කරනට ඇත්තේ
දෑතේ හුරුව දිවියට මූලික වන්නේ
සෑදී සැවොම නිති පෙරහුරු කළ යුත්තේ
වත්තේ කුඹුරකට බැස ගෙන මා උදැල්ලක්
ලත්තේ වලක් හාරා කිරි මැටි පිඩැල්ලක්
සිත්සේ තනන්නට අලියෙක් ඇතේ හිතක්
ගත්තේ තනන්නට දන්නා ලෙසින් මිසක්
ගෙන මැටි පිඩ ඔතා රඹ කැන් කොල කැබැල්ලක
ගෙදරට ගෙන ගියේ මා පිය උපදෙස් ලබන්නට
සිදුවුනේ වෙන දෙයක් නොසිතූ විලාසෙට
අම්මට තද වෙලා ගෙන මූ මැටි අනන්නට
අම්මගෙ නොතේරුම් කම ගැන මට දැන් දුකත් සිතේ
ඇය නොදැනදෝ කල දෙය අපරාදයක් වෙතේ
මගේ උත්සාහයම නිතරම ඇගෙ උපහාසය වූයේ
දවසම දගලලත් මැටි පිඩ නොව අලියෙක් වූයේ
නැත මට හදන්නට අලියෙක් කිසි සහයක්
ගේ හරියෙවත් නැත මට සෙල්ලම් බඩුවක්
මෙතරම් දගලලා දහිරිය සිඳුනේ නැතත්
අම්මගෙ උපහාසය මටනම් රිදෙනවා තවත්
ඇය මට හිනැහිලා අවමන්කර මැටි අලියා කියලා
මගෙ මිතුරන් සොයුරන් ඉදිරියෙ මා අසරණ කරලා
නිතරම මතක් කරලා වැඩ මැටි අලියා මෙන්ය කියා
දවසම අගයකර නිති මල්ලිගෙ දස්කම් කියලා
අම්මා දත්තේ නෑ ඇගේ වදනක දහිරය දරුවාට
නොදැනම ඇය අගයන්නේ අනෙකුත් දරුවන්ය
ඇගේ නෑදෑ මිතුරු දරුවන් හැකියාවන් පිරිලාය
වැඩිමල් දරුව නිති කෙරුවේ නොපනත් කම්ය
විරසක වී නොවේ මේ කවි නගන්නේ
දරුවන් තනන්නත් දැනුමක් ඔබින්නේ
මතුපරපුරට අපි දැනුමක් ගෙනෙන්නේ
වරදින
විටයි අපි හරියට කරන්නේ
ගරහන්නට එපා දහිරය කරන විට
අනුබල දෙන්න දිරිදී ඔහු රිද්මටයට
ඔවදන් දෙන්න අතදී නිසි බැරිම තැන
සන්සන්දනය වැනසුම බව දැන ගන්න
චරක දනන්සූරිය
No comments:
Post a Comment