Thursday, March 26, 2015

මං ඉව්වා හදිස්සියට ...


සූදුරු මහදුරු කොත්තමල්ලි
අබ උලුහාල් දාලා බැදලා කහ දාලා
මිරිස් ගම්බිරිස් සමගින්
කපලා අමුමිරිස් රතු ළුෑනුත්
හදලා ගෝවා හොදි
බතල හොද්දකුත්
තල ඇට පාන් කමි යැයි සිතා
හොදිත් සමගින් දියකර
බටර් ගා බැදලා !
හැදුවා දතුත් මැදන් කටත් හෝදන්
මාස දෙකකට පස්සේ
මෙන්න වහින්න හදනවා
අහස කලුකරන් කදු පිස එන
ගන හුලං
කුඩයකුත් නෑ වැඩට යන්නත්
හපොයි සතුටින් හිටියා
සිසිරය ඈවරයි
වසන්තය ආවැයි කියා
දකිමින් පිනිපිදු වලටත් කුඩා
හරිත දලු මතු වෙමින් මැරුණු ගස් වල

No comments:

Post a Comment