Saturday, February 14, 2015

ඉක්මනට එන්න


දැල් කවුලුව විසිර නල දඹ රත් පැහැයෙන් අලු අවරගිරෙන්
බැස හිරු යයි කොඳුරා කඳු කුරුබිලි සදලු තලෙන්
දවස් ගණන් මැද හිම එක් දින අරුණාලෝකෙන්
ලැබූ පණත් නැත කලුවර ගෙට තව ටික මොහොතෙන්

තනිකම නොතනිකම අනතුරු අදහස් නොකල දිනත්
හැප්පුනු නියා මුව මුහුණත විරූපව විදවන්නත්
සිත්ලුණු නියා තව මසු රැස්කරගන්නට ඕනෙත්
ජීවිතයයි කියා හැකි නැත අලසව අත්හැර යන්නත්

කර්මය අකර්මය ලෝදම් ඉවසීමෙන්
සැනසෙනු මිසක වෙන යම් ගැලවිල්ලක් වේනම්
ගගකින් එතෙර වන්නට ඔරුවක් කොල්ලෑ වේ නම්
සසරින් එතෙර වෙනතෙක් දිවි දිරි කරුණා ලද නම්

මෙත් බොසත් හිමිට ඈ සරණව හිටියාලූ
නකුලට ඇය මව මිතුරිය මෙන් සරණට වූවාලූ
ගොරරුපු  කැලට වලගම් නිරිදුන් රැක ලයපෑලූ

පියකරු පතිනි හිමි කම මට තවතමත් නෑලූ

යුතුකම් අතර දුව දිවියේ වගකීම
දිවිහිම් තිබෙන තුරු පිවිතුරු හැඟුමක පිබිදීම
නොලද නමුදු දිනයක කවියන් කී ආදරය
ආදර දිනය වැදගත් බව දෙවියන් හීනෙන් කීය

No comments:

Post a Comment