Sunday, March 30, 2014

රෝසමල් සුරංගනාවී


ඇතත් දින ගණන් පසුවී
නැතත් නුඹගෙන් තවම වදනක්
දුකත් ඇයි මට නැතත් නින්දක්
නිතර සිත නුඹ ගැනම පවසත්

කුලුණු නුඹ සිත ලපටි තවමත්
තුරුණු සිත අවිහිංසක කෙලිලෝලකන්
තැලුණු මිනිසෙක් නේක හීසර වලින් 
සොයා සෙනෙහස අසා නුඹගෙන්
විඩා නිවනට නොවෙයි නම්

සසර මග නෙක දුර එකට යන්නට
කරපු ඇරයුම හැකිද නුඹ හට
දුරු කරන්නට - පමණකින් එක වදනකින්
පෙර සසරින් පටන් ආ කුමරියයි
සිතා මා වී දෝ මුලාවක්



No comments:

Post a Comment