සප්ත කන්‍යා ගිරි මැදින්
සමනල කදු සිරින් මුසපත් නොවී මම්
නුඹ සොයා දුරු වන මං මැදින්
සපු මලින් විකසිත දිය වැල් පිසන්
සපු මලින් විකසිත දිය වැල් පිසන්
එන සුළඟටත් කිව්වා
රුපු යුදෙන් නොසැලී රැදුන්
දෙල්ගමු දලදා හිමි පියසත් වැදන්
සමනල ගිරින් අනුහස් දහස්
සමන් දෙව් රද ආසිරි අරන්
සීත ගඟුලෙන් කුරු ගඟට දිවයන
මිණි කැටත් සැඟවූ පුලින තල මත
සලන රමණිය සමනලුනුත් දැනන් දැන්
නුඹට පණ මම ආදරේ බව
පෙර සසරෙත් පටන් මතු සසර භවයමසීත ගඟුලෙන් කුරු ගඟට දිවයන
මිණි කැටත් සැඟවූ පුලින තල මත
සලන රමණිය සමනලුනුත් දැනන් දැන්
නුඹට පණ මම ආදරේ බව
No comments:
Post a Comment