සඳදුරු නුබ අදුරු කුසතුල
දිදුලනා තරුවක් සුකෝමල
පායලා දුරු වලා පෙන අතරින්
මුසුව මද නල සිසිල ලෙලදෙන
ධවල පෙති රොන් අතර සිරවුනු
මී මැසි පොඩිත්තී නැත
ඇට්ටේරියා සුවදිනුත් මුසපත්
ඇට්ටේරියා සුවදිනුත් මුසපත්
දුටුව මුල් දින අරුමයක සිත
සිතුම් තව අද වගේ මතකයි
නගරබද හැඩකාරියක් !!!
ගැමි හඩින් මව් නොමබසින්
නොපැකිලව සැම අමතනා
චකිත නැත බිය සඟවලා
ඉදරිපස සිට හොරැහිනුත් බලනා ...
ඉදරිපස සිට හොරැහිනුත් බලනා ...
දිසි නමුත් පරිනත ලෙසින්
සිතුම් නම් සුරතල් සුකෝමල
සිරියාවී නුඹ කවුරුදෝ
රැය පහන්වත් නිතර මම සිතුවා
රැය පහන්වත් නිතර මම සිතුවා
No comments:
Post a Comment