රවා මා දෙස
බලා මා නෙතු
නුදුටු ලෙස නැවතත් සීනාසී
දසන් පාමීන්
හැරී බලනා
නුඹ නොවෙදෝ මා පැතූ
දසන් පාමීන්
හැරී බලනා
නුඹ නොවෙදෝ මා පැතූ
හැඩකාරීයේ
වරක නුදුටු ලෙස
නමුත් හිනැහෙන
නුඹ දකින්නට මග බලන්
වෙහෙස සරතැස සැනින් නිමවී
මග බලා මා කවුලුවෙන්
වෙහෙස සරතැස සැනින් නිමවී
මග බලා මා කවුලුවෙන්
දඟකාරීයේ
දිවිතුරා මා නුඹ පැතූයේ
සසර පවතින තුරාවටමයි
නුඹ දකින්නට මේ තරම් කල්
බලා සිටි බව නම් සැබෑමයි
සිතින් සිතමින් හදින් පතමින්
දුටු සැනින් නුඹ කවුලු අතරින්
දුටු සැනින් නුඹ කවුලු අතරින්
හැදිනදෝ පෙර සසර දැනුමින්
කෙසේ නොකියා මම ඉදින්නද
නුඹට මම ආදරෙයි ලක්නා
කෙසේ නොකියා මම ඉදින්නද
නුඹට මම ආදරෙයි ලක්නා
No comments:
Post a Comment